නාගපට්ටිනම්-කන්කසන්තුරෙයි අතර බෝට්ටු සේවයක් . . .

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූලි මාසයේ සිදුකළ ඉන්දියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ වන බව නිවේදනය කළේය.

බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා ඉන්දීය නැව් සමාගම 150 කට ගමන් කර හැකි අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට නියමිතව ඇත. නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර දුර නාවික සැතපුම් 60 ක පමණ දුරක් තිබෙන බවත් එම ගමන සඳහා පැය 3 ක 4 ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට බඩුවලට අවසර . . .

Sat Sep 23 , 2023
වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. මෙරට විශාලතම අර්බුදය වුණු රෙමිටන්ස් අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද සඳහන් කළේය. ලබන මාසය වනවිට වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x