සාමාන්‍ය පෙළ විභාගය කල් යයි . . .

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එකහමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හෝමාගම – පිටිපන ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ඒ අනුව විභාගය පවත්වන නව දිනය ඉදිරි සතියේදී විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනය කරනු ඇති බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි වාහන එකලස් කිරීම තීරු බද්දෙන් නිදහස් . . .

Sat Sep 23 , 2023
ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ එකලස් කිරීම දිරිගැන්වීම සඳහා මේ වන විට රජයේ අවධානය යොමු වී තිබේ. සාම්ප්‍රදායික ගැසලින් / ඩීසල් අභ්‍යන්තර දහන එන්ජිම සහිත වාහනවලින් ඉවත් වී විදුලි වාහන සහ ප්ලග් – ඉන් දෙමුහුන් වාහන භාවිතයට ලෝකය නැඹුරු වෙමින් තිබේ. දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කරන පැරිස් ගිවිසුමට ලංකාව අත්සන් තබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x