නීලගිරි සෑයෙන් මතු වූ අතීතයේ ශ්‍රී විභූතිය . . .

ඵෙතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ පාදාගැනීමේ කටයුතුවලදී මැටියෙන් නිමකල ඉපැරණි මංජුසාවක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරණි ගොවිපල වසමේ වනගත ප්‍රදේශයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

චෛත්‍ය ආශ්‍රිතව ගිලිහී යමින් තිබුණ ස්ථානයක තිබී හමුවූ මෙම මංජුසාව මෙයට පෙර හමුවූ පුරාවස්තු මෙන් එම ස්ථානවලම තැන්පත් කිරීමට නොහැකි විය. ඒ අනුව පුරාවස්තුවක් ලෙස ලේඛණ ගත කොට අදාල අංශ දැනුම්වත් කිරීමට කැනීම් නිලධාරීහු පියවර ගෙන තිබිණී.

සුදු පාට වර්නයක් ආලේප කර ඇති බවට සලකුණූ දක්නට ඇති මෙම මංජුසාවෙහි වැස්ම ස්ථාන පහකින් පමණ කැඩී පුපුරා ගොස් තිබුණ අතර, ඒ තුල පිරී තිබුණ පස් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී පළිඟු පාෂාණයෙන් නිමකර ඇති බවට අනුමාන කළ හැකි කරඬු දෙකක කොටස් හමුවී ඇත.

ඒ සඳහා සිදු කිරීමට නියමිත විද්‍යාගාර පරීක්ෂණවලින් අනතුරුව ඒවා තුල ධාතූන් වහන්සේලා තැන්පත් කර තුබුණාද යන්න ගැන හා තඹහෝ රන්පත් වල සඳහන් වූ තොරතුරු ගැන අනාවරණයක් කළ හැකි වන බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

  • නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය අධිකාරියක් කළ පසු ගාස්තු ඉහළට . . .

Sun Sep 24 , 2023
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x