නුවරඑළිය දිසාපතිගෙන් පොලිසියට පාඩමක් . . .

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් භාරයේ තිබෙන රජය සතු ඉඩමක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය අනවසරෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී දිසාපතිවරයා වශයෙන් තමන් මැදිහත්වී එය නතර කිරීමට කටයුතු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව කියා සිටියේ අනවසරෙන් නීති විරෝධීව රජයේ ඉඩම් අත්පත් කර ගැනීම නැවැත්වීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය ,

අපි නුවරඑළියට අනුබද්ධ අශ්වාරෝහක අංශයට පුහුණුවීම් කටයුතු සිදු කරන්න නුවරඑළිය තුරඟ තරඟ පිටියට යාබද ව ප්‍රාදේශී ලේකම් භාරයේ තිබෙන භූමියෙන් කොටසක් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබාදී තිබුණා ,

මෙලෙස පුහුණුවීම් සඳහා ලබාදී තිබුණේ ඉඩම් කොටස නුවරඑළිය පොලිසියට හා හදිස්සි ලේකම් කාර්‍යාලයට කිසිදු දැනුම් දීමක් නොකර ශ්‍රී ලංකා පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය මගින් යකඩ වැටක් සවි කර මායිම් යොදා අත්පත් කරගැනීමට උත්සාහ කිරීම සමග එම කටයුතු නතර කිරීමට අප කටයුතු කළා ,

රජයේ ආයතනයකට අවශ්‍ය පහසුකම් සැපයීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වගකීම හැටියට සලකා අප එම ඉඩම ලබා දීමට කටයුතු කළ මෙලෙස අත්තනෝමතික ලෙස අත්පත් කරගැනීමට හා අයිති කර ගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි ,

මේ ඉඩම පමණක් නොවෙයි රජයේ ඉඩම් රාශියක් මේ වගේ අත්පත් කර ගැනීමට කර ගැනීමට බොහෝ දෙනෙක් කටයුතු කරනවා ,

මින් ඉදිරියට එවන් කටයුත්තක් වාර්තා වුවහොත් අප දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කරනවා වගේම එම ආයතනයෙන් හට ඉදිරියට පුහුණුවීම් සඳහා වූ කිසිදු ඉඩමක් ලබා දීමට අප විරෝධතාවය විරුද්ධතාවය ප්‍රකාශ කරනවා යනුවෙන් හෙතෙම පැවසීය .

  • ආර්.එෆ්.එම්.සුහෙල්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සියලුම පන්සල්, දේවාලවල පිංකැට සීල් තියන්නැයි දන්වයි . . .

Mon Sep 25 , 2023
රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බවත් විගණකාධිපතිවරයා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර හා දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයකින් විගණනයක් සිදු කළ යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x