සියලුම පන්සල්, දේවාලවල පිංකැට සීල් තියන්නැයි දන්වයි . . .

රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බවත් විගණකාධිපතිවරයා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර හා දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයකින් විගණනයක් සිදු කළ යුතු බව ද උන්වහන්සේ කියා සිටිති.

විහාරස්ථානවල නායක හිමිවරුන් නොව ආධාර හා පිං කැට පාලනය කරන්නේ එහි සිටින ආරක්ෂක නිලධාරීන්, රියැදුරන්, කාන්තාවන් විසින් බවත් එම සියලු මුදල් පුද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත් උන්වහන්සේ කියා සිටියහ.

දායකයන් බැති සිතින් දෙන ආධාර මෙලෙස ගසාකෑම හේතුවෙන් කිසිදු විහාරස්ථානයක හෝ දේවාලයක සංවර්ධනයක් සිදු නොවන බවත් එම ආධාර මුදල් වලට සිදුවන්නේ කුමක්ද යන්න කිසිවකු නොදැනිම ගැටලු සහගත බවත් රාහුල හිමියෝ තවදුරටත් කියා සිටියහ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රත්නපුර මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණයි . . .

Mon Sep 25 , 2023
රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි. රත්නපුර මැණික් ව්‍යාපාරික ප්‍රජාව හා පතල්කරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් රත්නපුර නගර ශාලාවේ පැවති අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x