අවාරයේ ශ්‍රීපාද වන්දනාව ආරම්භ වේ . . .

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බවයි.

දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් අදාළ බලපත්‍ර කවුළු විවෘත බව සඳහන්ය.

රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන් ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් පසු වනවා.

එසේම අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ බලපත්‍ර නොමැති ව ශ්‍රිපාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ට එරෙහි ව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් . . .

Fri Sep 29 , 2023
  පුද්ගලයන් සහ සංවිධාන සඳහා 2024 වසර සඳහා ගිනි අවි සඳහා බලපත්‍ර අලුත් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සහ ආයතන 2024 වර්ෂය සඳහා තම ගිනි අවි බලපත්‍රය 2023 ඔක්තෝම්බර් 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා අලුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x