කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට නොබෙල් ත්‍යාගය . . .

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.

ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබේ.

මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.

  • Kumudu Jayawardana
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන ආදායම් බලපත්‍රය නිවසේ සිටම ලබා ගතහැකි අලුත්ම ක්‍රමය . . .

Tue Oct 3 , 2023
මෙරට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ලබන ඔක්තොම්බර 07 වනදා සිට මෙලෙස වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව පවතින්නේ බවයි වාර්තා වන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x