ජපන් යන්න හැදුව ඔහුට අවසානයේ සිදුවුණ දේ . . .

කටුනායක ගුවන් තොටුපලට රහසිගතව ඇතුලු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි, අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ය.

ඔහුව ඊයේ (01) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ වත්තල – හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

සැකකරු කළක් ජපානයේ රැකියාව කර පසුව විවාහ වීම සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

පසුව යළි ජපානයට යන බවට බිරිඳට පවසා පසුගිය 30 වනදා නිවසින් පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු සතුව තිබී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොස්තාපල්ගේ අත සපා කා පලා ගිය ගිලන්රථ රියැදුරු . . .

Mon Oct 2 , 2023
ගිලන්රථ රියැදුරෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පලාගොස් තිබෙනවා. ඒ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x