උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති . . .

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය.

යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු  එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ.

නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණයන් හි දෛණික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩිඅපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදුවිය.

මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.

  • සිතුම් චතුරංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රේගු පර්යන්තයෙන් හමුවූ මත්ද්‍රව්‍ය . . .

Tue Oct 3 , 2023
ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ පාර්සලයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x