ධර්මසේනට නඩු . . .

ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන ඇතුළු තවත් 12 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව එළඹෙන 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත.

අයුතු ලෙස නිවෙසකට ඇතුලු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පර්චස් 82 ක ප්‍රමාණයකින් යුත් ඉඩමකට සහ එහි පිහිටි පාක්ලීන් නමැති නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල කර තිබේ.

ධර්මසේන ඇතුළු ඔහුට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂ මණ්ඩලයේ 12 දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.

කුමාර ධර්මසේන ඉන්දියාවේ දී පැවැත්වෙන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුද්ගලික වෛද්‍ය විද්‍යාල හතරකට අනුමැතිය . . .

Thu Oct 5 , 2023
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හතරක් ඇති කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළ යුත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බැහැර බවත් පැවසූ ඔහු ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ දී විමසන ලද පැනයකට ප්‍රතිචාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x