ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා පැවසීය.
තරුෂි වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
- යොහාන් භාසුර