ඉමා අත්අඩංගුවට . . .

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ‘ඉමා’ නැමති එම කාන්තාව ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයාගෙන තිබෙනවා.

තවද තොරතුරු අනාවරණය වී ඇත්තේ මීගමුව හා දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබීම වලට අදාළ ගිනි අවි ප්‍රවාහන කර ඇත්තේද ඇය විසිනි.

ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ඉමා නැමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරියව රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉදිරි දින කිහිපයේ කොළඹට බෝම්බ ප‍්‍රහාර මාලාවක් . . .

Fri Oct 6 , 2023
කොළඹ ප්‍රධාන මරමස්ථාන වලට ඉදිරි දින කිහිපය ඇතුළත බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ යැයි ලැබී ඇති තොරතුර පිළිබඳ සනාථ කළ සාක්ෂි ලැබී නැතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(05) දැනුම් දී තිබෙනවා. එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙන්නේ, මෙම තොරතුරු හෙළිවී ඇත්තේ බන්ධනාගාර රැදවියෙකු බන්ධනාගාර බස් රථයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x