විමල් අත්අඩංගුවට ගත්තේ බොරු චෝදනා මතයි . . .

අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකි බව අද සාක්ෂි දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කරමින් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකූල ද, නැත් ද යන්න අධිකරණයට පැහැදිලි වූ බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔහුට විරුද්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ගමන් බලපත්‍ර නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ අතර අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශගත වීමට හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී චන්ද්‍රලාල් අලහකෝන් විමල් වීරවංශ ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවේදී සාක්ෂි දෙමින් පැවසීය.

2015.10.23 දින අවිධිමත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කළ බවටත් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවටත් චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස ප්‍රකාශ කළේය.

නඩුවේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමන්තනි සිල්වා අධිකරණයට දැනුම් දුන් අතර වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් මස 20 දිනට දින නියම විය.

  • අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්,
    ජාතික නිදහස් පෙරමුණ

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහජන බැංකුව, BOC, NSB සමාගමක් යටතට . . .

Fri Oct 6 , 2023
සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබේ. එම බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 31ක් එම සමාගම යටතට පත් කිරීමට තීරණය වී ඇත. රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරණ ඒකකය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට පවත්වන ලද වැඩමුළුවකදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x