නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ සිර දඬුවම් විඳින කාන්තාවකට . . .

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය.

ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ බව නෝර්වේජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

නාර්ගෙස් මොහම්මදී කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමටද සිදුව ඇත.

මේ වන විට ඇයව 13 වතාවක් ඉරාන බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5 කදී ඇය වරදකාරිය වී තිබේ.

ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31 සිර දඬුවමක් සහ කස පහරවල් 154 ක් ඇයට ලැබී ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බහුජාතික සමාගම් පරදවා බ්‍රසීලයේ ආදී වාසී ජනතාව ජය ගනී . . .

Sat Oct 7 , 2023
එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි. බ්‍රසීලයේ ආදිවාසී ජනතාවට අයත් ඇමසෝනියාවේ සම්ප්‍රදායික ආදීවාසි බිම්වල අයිතිය තහවුරු කරමින් හා එම බිම් වාණිජ අරමුණු සඳහා විනාශ කිරීමට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා වැදගත් අධිකරණ ජයග්‍රහණයක් ඔවුන් ලබා ගත්තේ සුප්‍රකට කෘෂි හා දුම්කොළ නිෂ්පාදනය කරනු ලබන බහු ජාතික සමාගම් රාශියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x