ජිනීවා සැසියට ගිය SJB මන්ත‍්‍රී දෙදෙනෙක් බීමතින් ඇද වැටේ . . .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මතභේදයට තුඩු දී ඇති මෙහෙයුමක් අරඹමින් ජිනීවා නුවරට ගොඩ බැස තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුදා බුද්ධි අංශ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර කුමන්ත්‍රණක ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනා දිගින් දිගටම චෝදනා කරන නමුත් එම චෝදනා වලට කිසිම සාක්ෂියක් නැත.

මේ අතර විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සලයේ රාජ්‍යය නොවන සංවිධාන වලට හිමි වන අන්තර් ක්‍රියාකාරී සැසියකට සහභාගී වී කවුසලය ඇමතීමට මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කලින් සූදානම් වී සිටියද ඊට පෙරදා පැවති මදුවිත සාදයකදී පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම නිසා පසුදා පැවති සැසියේදී අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ගිය බවයි. ඔවුන් එහි පැමිණෙන විට අදාළ රාජ්‍යය නොවන සංවිධානයට හිමි වී තිබු කාලය අවසන් වී ඇත. ඒ නිසා තම සහභාගී වීම සංඛේතවත් කිරීම සඳහා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට මොවුන් අමතක නොකළහ.

මෙම ජිනීවා නාටකයේ වැදගත් කාරණයක් වන්නේ, මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස  සංවිධානයක් පවතවාගෙන යන මුදලාලි කෙනෙකුගේ මූල්‍යය අනුග්‍රහයයි. මෙම රාජ්‍ය නොවන සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සම්බන්ධය ව්‍යාජ ලෙස ඇඟවුම් කිරීම සඳහා නිර්මාණය කර ඇති ලාංඡනයක් සහ නාමකරණයක් භාවිතා කරමින් රැවටිලිකාර උපක්‍රම භාවිතා කර ඇති බව පෙනේ.

උත්ප්‍රාසය පවතින්නේ මෙම කුඩා පරිමාණ රාජ්‍ය නොවන සංවිධානය අටවා ගැනීමට පෙර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හෝ ප්‍රවර්ධනය කිරීම ගැන කිසිඳු අත්දැකීමක් මෙම පුද්ගලයාට නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රචාරය කරන තෝරාගත් පුද්ගලයන්ට මූල්‍යාධාර සපයනු ඇති බවට යෝජනා කරමින් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වාර්තා ඊටත් වඩා මෙම කාරණයේ ඇති ගැඹුරු සත්‍යය හෙළිදරව් කරන්නේය.

කුතුහලය දනවන කරුණක් වන්නේ සමාජ මාධ්‍ය ගිණුමේ ඔහුගේම විස්තරයයි, එහිදී ඔහු ‘මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සහ විශ්ව මානව හිමිකම් කවුන්සිලයේ’ එක්සත් ජාතීන්ගේ ජිනීවා සහ නිව්යෝර්ක් මූලස්ථානයේ නිත්‍ය නියෝජිතයා” ලෙස ලෙස නිරූපණය කරඇත. “එක්සත් ජාතීන්ගේ ජිනීවා සහ නිව් යෝර්ක් මූලස්ථානයේ නිත්‍ය නියෝජිතයා” වැනි ඉහළ ගෞරවනීය තනතුරු නාම අමු අමුවේ අවභාවිත කිරීම තවදුරටත් අවධාරනය කරන්නේ මෙමෙ පුද්ගලයා රැවටිලිකාර උපක්‍රම යොදාගෙන ඇති ආකාරයයි.

ජිනීවාහි දිග හැරෙන මෙම කතාව සම්බන්ධ පුද්ගලයින්ගේ සහ ඔවුන් නියෝජනය කරන සංවිධානවල විශ්වසනීයත්වය සහ අවංකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.කුමන්ත්‍රණ සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම පිටුපස සිටින මෙම සෙවනැලි ජාලයේ සැබෑ අභිප්‍රේරණයන් ගැන අවධානය යොමුකිරීම වැදගත්වේ.

  • ශ්‍රී ලංකා ගාර්ඩියන් වර්තාවක සිංහල පරිවර්තනය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ සිර දඬුවම් විඳින කාන්තාවකට . . .

Sat Oct 7 , 2023
ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය. ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x