සුදු සීනි දුඹුරු කරන කම්හලක් වටලයි . . .

දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක්  අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර වෙළෙඳ පොළට බෙදාහරින බවට ලිඛිත මහජන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සීනි මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති මිශ්‍රණයක්, තාරාදියක් , ගෑස් ලිපක්, සීලරයක් ඇතුළු තවත් භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයා ගත් බව වැටලීම සිදු කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකරු සීනි රැගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් තිබු අතර සැකකරුගේ බිරිඳ පමණක් නිවසේ සිටි නිසා අදාල භාණ්ඩ එම නිවසේ තබා මුද්‍රා තැබූ බව දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එස්.ජේ.පතිරණ පැවසීය.

  • එස් ඩී කොඩිකාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාදිවෙල හොරට හිටපු මන්ත්‍රී හයකට නඩු . . .

Sat Oct 7 , 2023
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත. මෙම මන්ත්‍රීවරු 6 දෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ කිසියම් කාලයක් රැඳී සිටි අය වෙති. ඔවුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x