‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමට අධිකාරියක් එයි . . .

‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පිහිටුවන ලද අධිකාරියට සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා තිබේ.

ඒ අනුව ‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් ද එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න හා නිෂිත් අබේසූරිය පත් කර ඇත.

තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මෙම පියවර ගෙන තිබේ. ‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ පනත 2022 වර්ෂයේ මුල භාගයේ සම්මත වුව ද වසරකට වැඩි කාලයක් ගත වූ පසුත් ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මෙම පනත මගින් ‘පුද්ගල දත්ත’ සුරක්ෂිත කරන අතර ‘පුද්ගල දත්ත’ වැරදි ලෙස පරිහරණය කරන අයට දඬුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහිටුවන ‘පුද්ගල දත්ත’ ආරක්ෂණ අධිකාරියට හිමි වේ.

එම අධිකාරිය පිහිටුවීම, ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කාරණා මෙම කමිටුව මගින් සකස් කරනු ලැබේ.

  • Amith Maduranga Gamage
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භූමි කම්පාවෙන් 2,000 මැරිලා . . .

Sun Oct 8 , 2023
බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් තලේබාන් ප්‍රකාශකයෙකු පවසා ඇත. ගම්මාන 6 ක් මුළුමනින්ම බිමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x