විශාල ආඳෙක් මන්නාරම් ධිවර දැලට හසුවෙයි . . .

මන්නාරම මුහුදු සීමාවේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් පිරිසක්ට (07) රාත්‍රියේ දුර්ලබ වර්ගයේ ආඳා විශේෂයට අයත් මත්සයෙකු හසුවී ඇති අතර එම ආඳා අඩි 10 කට වැඩි දිගින් යුතු වන බවද මන්නාරම් ධීවරයින් පවසති.

මන්නාරම් ධීවරයින් පිරිසක් මන්නාරම් මුහුදු සීමාවේදී මසුන් ඇල්ලීම සඳහා දැල් එලීම සිදුකොට ඊයේ රාත්‍රියේ අදාල දැල් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම ආඳා දැලකට හසුව මිය ගොස් සිටියදී ධීවරයින්ට හමුව ඇත.

දැලෙන් මුදාගෙන් රැගෙනවිත් ඇති මෙම ආඳා ධීවරයින් විසින් පරික්ෂා කිරීමේදී අඩි 10 කට වැඩි දිගකින් යුක්ත වූ අතරම බරින් කිලෝ 8 ග්‍රෑම් 400 ක් යුක්ත වූ බවටද ධීවරයින් පැවසූහ.

කෙසේ වෙතත් මෙම ආඳා විශේෂය මේ වන විට මුහුදු සීමාවේ සොයා ගැනීමට නොහැකි බවටත් ඉතා දුර්ලබ වූ මෙම ආඳා මත්ස්‍ය විශේෂය ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරේ රෝග රැසකට ප්‍රතිකාර ඖෂධයක් බවටද මන්නාරම් ධීවරයින්ගේ විශ්වාශයක් පවතියි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීතල දිය දෝතක් - කුලරත්න ආරියවංශ . . .

Sun Oct 8 , 2023
මෙරට ගීත රචනා කලාවේ සුවිශේෂි අනන්‍යතාවයක් හිමිකරගත් ගීත රචකයින් අතර කුලරත්න ආරියවංශට හිමිවන්නේ ප්‍රධාන තැනකි. 70 දශකයේ මෙරට සිංහල ගීතය විචිත්‍රවත් කරලූ ගීත රචකයින් ගණනාවක් අතරේ මෙම නාමය ඉහළින්ම වැජඹෙනු ඇත. ඔහුගේ ගීත රචනා ශෛලිය අතිශයින් චමත්කාරජනකය. පේ‍්‍රමය, විරහව ආදරය, සමාජ ප්‍රශ්න. ආගම දහම මෙකී නොකී කුමන පරාසයක් සිය ගීත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x