කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති . . .

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන 2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී අද (11) පැවැත්විණි. 

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින්  සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටයි.

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවෝ  200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා  කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

  • අංජුල මහික වීරරත්න / ජයමාල් චන්ද්‍රසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැපැල් කාර්යාල අර්බුදයක . . .

Wed Oct 11 , 2023
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි. එහි කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම බවයි. “තැපැල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x