පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි . . .

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව  විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාත්‍යන්තරව පිළිගත්  විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාතරට යළි ගංවතුර . . .

Thu Oct 12 , 2023
නිල්වලා ගගේ ඉහල නිම්නයට තව දුරටත් වර්ෂාව ලැබීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර මට්ටම යළි ඇති වීමේ අවධානමක් මතුව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය පැවසීය. එම නීසා ගංවතුර තත්වය පහව ගොස් ඇතැයි සිතා කටයුතු නොකරන ලෙසත් පහත් බිම් වල ජනතාව තව දුරටත් විමසිල්ලෙන් සිටින ලෙසත් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x