හමාස් සාමාජිකයන් හැමෝටම මරණය . . .

හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා  දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.

‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස්  සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යැයි ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවේ විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුවය. හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බව එම ඒකීය රජයේ විශ්වාසය වී තිබේ.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමිනි.

  • එන්.ඩී.ටීවී
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටළුවක් . . .

Thu Oct 12 , 2023
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු කර ගෙන යාමට බාධා ඇති වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයකු නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එම්.ඒ.ප්‍රියන්ත සඳහන් කළේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම ගොස් මාස එකහමාරකට අධික කාලයක් ගත වුවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x