සියලුම වාහන ආනයනයට අවසර දීමට රජය සැරසෙයි . . .

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ.

වැඩිදුර අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ,

“වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ විශාල වශයෙන් සාකච්ඡා පවතිනවා. පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වන්න පසුගිය කාලයේ අවසර දෙනවා කියලා කිව්වා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වෙනකොට හදන්න කටයුතු කරලා තිබෙනවා.”

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධීවරයන්ට භූමිතෙල් නොමිලේ . . .

Fri Oct 13 , 2023
චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (12) දින ආරම්භ විය. ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන්. මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇත. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x