කමල්ගේ බල්ලො ගෙනියන්න සොල්දාදුවන් යොදාගෙන . . .

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න හමුදාවල සොල්දාදුවන් වහලුන් ලෙස යොදවා ගන්නා ආකාරය හෙළි කිරීම නිසා මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව මේ වනවිටත් නිසි පරීක්ෂණයක් සිදු වී නැති බව අනාවරණය වේ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ මෙම තත්වය හෙළි කර තිබුණත් ආණ්ඩුව ඒ කෙරෙහි දක්වා ඇති ප්‍රතිචාරය දියාරු එකක් බව වාර්තා වේ.

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ බල්ලන් රැගෙන යාමට සොල්දාදුවන් යොදවාගෙන ඇතිව බවද ප්‍රකාශ කර තිබිණි. ඔහු ඒ බව ප්‍රකාශ කර තිබුණේ “ආරක්ෂක ලේකම් යනකොට උදේට ඇවිදින්න… අපි පඩි ගෙවන ගෞරවනීය රණවිරුවන් යැයි කියන සොල්දාදුවෝ දෙදෙනෙකු බල්ලො රැගෙන ඉස්සරහින් යනවා.” යනුවෙනි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බූසාන් සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමි වූ කීර්තිය . . .

Sat Oct 14 , 2023
චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය සිකුරාදා (ඔක්. 13) දකුණු කොරියාවේ 2023 බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය දිනා ගත්තේ ය. මලයාලම් බසින් නිර්මාණය වී ඇති පැරඩයිස් චිත්‍රපටය මිර්ලන් අබ්දිකලිකොව්ගේ ‘බ්‍රයිඩ් කිඩ්නැපින්ග්’ චිත්‍රපටය සමග එම සම්මානයට පාත්‍ර විය. 2017 වසරේදී පිහිටුවන ලද කිම් ජීසොක් සම්මානය, ආසියානු සිනමාව වෙනුවෙන් සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x