බූසාන් සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමි වූ කීර්තිය . . .

චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටය සිකුරාදා (ඔක්. 13) දකුණු කොරියාවේ 2023 බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ කිම් ජීසොක් සම්මානය දිනා ගත්තේ ය.

මලයාලම් බසින් නිර්මාණය වී ඇති පැරඩයිස් චිත්‍රපටය මිර්ලන් අබ්දිකලිකොව්ගේ ‘බ්‍රයිඩ් කිඩ්නැපින්ග්’ චිත්‍රපටය සමග එම සම්මානයට පාත්‍ර විය.

2017 වසරේදී පිහිටුවන ලද කිම් ජීසොක් සම්මානය, ආසියානු සිනමාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ දිවංගත කිම් ජිසොක් අනුස්මරණය කිරීම පිණිස පිරිනමනු ලබයි.

එය ලබා දෙන්නේ, ආසියානු සිනමාවේ සමකාලීන ප්‍රවණතා පිළිබිඹු කරන හොඳ ම චිත්‍රපට දෙක වෙත ය.

‘නිව්ටන් සිනමා’ විසින් නිෂ්පාදනය කරන ලද සහ මනි රත්නම්ගේ ‘මැඩ්‍රාස් ටෝකීස්’ විසින් ඉදිරිපත් කරන ලද ‘පැරඩයිස්’ චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ රූගත කර ඇති අතර, එය සංචාරක යුවළකට නිවාඩුවකදී මුහුණ දීමට සිදුවන සමාජයීය, පුද්ගලික සහ අභ්‍යන්තර අභියෝග පිළිබඳව විස්තර කරයි.

රොෂාන් මැතිව්, දර්ශන රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු සහ මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස රජීව් රවී, සංස්කරණ ශිල්පියා ලෙස ශ්‍රීකර් ප්‍රසාද්, ශබ්ද නිර්මාණකරු ලෙස තපස් නායක් සහ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කේ. කටයුතු කර තිබේ.

1996 වසරේදී මුල් වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනා ගත් අතර එය ඔහු විසින්නිර්මාණය කරන ලද දෙවන චිත්‍රපටය සහ ඔහු අන්තර්ජාතික අවධානය දිනා ගත් පළමු අවස්ථාව විය.

බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල් වරට පිරිනමා තිබුණේ ද අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජපක්ෂලා මට අදාළ ගෞරවය දුන්නෑ . . .

Sat Oct 14 , 2023
තමන් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් තම වෘත්තීය හැකියාවන් උපරිම ලෙස යොදා ගනිමින් කටයුතු කළ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි. තමන් කළ කාර්යය වෙනුවෙන් යුධ ජයග්‍රහණයෙන් පසු තමන්ට නිසි ගෞරවය ලබා දීමට එම කඳවුර අපොහොසත් වූ බව ද ඔහු පවසන්නේ තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x