තවත් භයානක වසංගතයක් පැතිර යයි . . .

මකුණු උවදුරෙන් ප්‍රංශය පිඩාවට පත්ව ඇති බැවින් මොරොක්කෝව සහ ඇල්ජීරියාවත් මකුණන් ආසාදනය වීමේ අවදානම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මොරොක්කෝ මාධ්‍ය දැනුම් දෙන්නේ, මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මකුණන් පැතිරීමේ අවදානම සීමා කිරීමට සුදුසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමාත්‍යාංශය මගින් මකුණන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා පාරිසරික තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි. එමෙන්ම අමාත්‍යංශය මගින් පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සංචාර සම්බන්ධ නිර්දේශ මාලාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, ඇල්ජීරියානු සෞඛ්‍ය අමාත්‍යාංශයද සිය දේශසීමාවල සෞඛ්‍ය රෙගුලාසි සහ අධීක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඇල්ජිරියානු රජය නිවේදනය කර තිබෙන්නේ, ගුවන් යානා, නැව් සහ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන් විෂබීජහරණය කිරීම මෙන්ම සෞඛ්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වියයුතු බවයි.

කෙසේ වෙතත් ප්‍රංශ රජයේ නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ පැරිසියම ව්‍යාකූල කළ මකුණු උවදුර සම්බන්ධයෙන් සන්සුන් වන ලෙස මහජනතාවට දැනුම් දී ඇති අතර එය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සල්ලි අරන් ටියුෂන් කිරීම පාසල් ගුරුවරුන්ට තහනම් . . .

Sun Oct 15 , 2023
නැගෙනහිර පලාතේ පාසල්වල ගුරුවරුන් සඳහා පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හෝ සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමිනුයි. ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට, විෂය සම්බන්ධීකාරකවරුන්ට සහ පාසල් අධීක්ෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x