අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි . . .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත්‍  අද (16)  කැඳවනු ලැබීය.

අයදුම්පත් කැඳවීමේ දැන්වීම  සහ  ඊට අදාළ අයදුම්පත්‍රය  පාර්ලිමේන්තු  වෙබ් අඩවිය මගින්ද  ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා තීරණය කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට නව සාමාජිකයන් පත් කිරීම  දූෂණ විරෝධී පනතේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාදවිය.

පනතේ එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට  සංශෝධනයක් ගෙන ඒමට නියමිතය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

QR ක්‍රමවේදය යළි ගේන්නේ නෑ . . .

Mon Oct 16 , 2023
මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත කිව්.ආර්. ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (16) පැවසීය. ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x