පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙදෙනෙකු අත්අඩංගුවට. . .

පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල් 13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ  යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු  පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ පූනෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනා බුදුපිළිමය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකාර වරයෙකු ලෙස සේවය කරන අයෙක් සහ වව්නියාව පාවක්කුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායක මරන්න කොන්ත්‍රාත්තුවක්? . . .

Tue Oct 17 , 2023
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු  ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා  සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ  15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා එකී කප්පම් මුදල් ලබාගෙන ඇතැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x