ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි . . .

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සන්ධානය යන පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් , 2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක් දැක්වූ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේ,ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට ආණ්ඩුවට නොහැකි බවය.

ආණ්ඩුව අවසන් උපක්‍රමය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින්, ජනාධිපතිවරණය ද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව ඔහු කීවේය

විවිධ උපක්‍රම භාවිත කරමින් පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය කල් දැමුවා සේ ආණ්ඩුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව කී හෙතෙම ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව සඳහන් කළේය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින් හා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ ලෙසම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට නොව, මැතිවරණ කල් දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බවද ඔහු සඳහන් කළේය

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ඡන්ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇතැයි ද මහාචාර්ය පීරිස් කීවේය.

  • අජන්ත කුමාර අගලකඩ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි . . .

Mon Oct 16 , 2023
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත්‍  අද (16)  කැඳවනු ලැබීය. අයදුම්පත් කැඳවීමේ දැන්වීම  සහ  ඊට අදාළ අයදුම්පත්‍රය  පාර්ලිමේන්තු  වෙබ් අඩවිය මගින්ද  ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x