පහේ ශිෂ්‍යත්වෙට ශාලාධිපති උත්තර ලියලා . . .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයකදී සහකාර ශාලාධිපතිවරයෙකු සිසුන්ගේ දෙවන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබේ.

මෙම සහකාර ශාලාධිපතිවරයා පසුගිය 15 වන දා පැවති ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි සිසුවෙකුට ලබා දීම සඳහා උත්තර ලියමින් සිටියදී අනෙකුත් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කරමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කලාප කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතත් ඊයේ දිනය අවසන් වන තුරු එම වාර්තාව නොලැබුණු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලැබුණු පසු විභාග දෙපාර්තමේන්තුවට යොමු කර ඉදිරි විමර්ශන කටයුතු කරන බව එම නිලධාරියා සඳහන් කළේ ය.

මේ පිළිබඳව නිකවැරටිය කලාප කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, පළාත් කාර්යාලයෙන් මෙම විමර්ශනය කරන බව ත්, කලාප කාර්යාලය මෙම විමර්ශනයේ කිසිවකට මැදිහත් නොවන බව ත් ය.

  • අමිත් මධුරංග ගමගේ, පොල්පිතිගම – නන්දන කැලේගම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් හමාස් ප‍්‍රාණ ඇපයට . . .

Tue Oct 17 , 2023
හමාස් සංවිධානයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් පිරිසක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරයි. හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 150ක් පමණ පිරිස අතර මෙම ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36 ක විදේශකයන් ද සිටින බව විශ්වාස කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x