මෙරට රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක් . . .

රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට සිදුව තිබේ.

පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව ද පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 173,000ක පමණ මිලකට බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ATM මුදල් වංචාවේ සැකකරුවන් කොටුවෙයි . . .

Wed Oct 18 , 2023
මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි. පසුගිය 08 වනදා මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් එක්කෝටි පන් ලක්ෂ හතලිස් නව දහසක් සොරකම් කර ඇති බවට පුත්තලම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරුණි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x