ලෙබනනයට යන්න එපා . . .

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේත්, අවි ආයුධ ලබා දී අවි පුහුණුව ලබා දෙන්නේත් ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයයි.

පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීන් අතර ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් ද සිටි බව ඊශ්‍රායල බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි . . .

Thu Oct 19 , 2023
රුපියල් දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු  අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x