ATM මුදල් වංචාවේ සැකකරුවන් කොටුවෙයි . . .

මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

පසුගිය 08 වනදා මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් එක්කෝටි පන් ලක්ෂ හතලිස් නව දහසක් සොරකම් කර ඇති බවට පුත්තලම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරුණි.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේදී සැකකරුවන් තුන් දෙනෙකු පොලිසිය මගින් ඊයේ (17)  අත්අඩංගුවට ගැණිනි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අවුරුදු 28 /32 සහ 35 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව සොරකම් කළ රුපියල් අනූ දෙලක්ෂ හැත්තෑ හත් දහසක මුදලක් ඔවුන් ලග තිබී සොයා ගත්තා.

‌මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඒ.ටී.එම් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා සහභාගී වන පෞද්ගලික අංශ ආරක්ෂක නිලධාරීන් බව අනාවරණය වී තිබෙයි.

  • Dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෙබනනයට යන්න එපා . . .

Wed Oct 18 , 2023
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x