නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි . . .

රුපියල් දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු  අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ මෙම විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , ප්ලැන්ටියම් සහ මොන්ඩ් වර්ගයේ දුම්වැටි 14,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 72 ක් සගවා ගෙන තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිත අතර එළඹෙන 10/25 දින මෙම නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගාසා තීරයට සජිත් විසදුම් දෙයි . . .

Thu Oct 19 , 2023
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම් වහා නැවැත්වීම සඳහා ආරක්ෂක කවුන්සිලයේ වහා කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික සංවිධානයේ විශේෂ ඉල්ලීමක් කරයි. ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට වැඩි රෝගීන් පිරිසගේ ජීවිත අහිමිවී ඇති බවද පැවසූ ඔහු මේ වන විට යුධමය තත්වය හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x