උතුරේ හර්තාල් . . .

උතුරු පලාතේ හර්තාලය වෙනුවෙන් උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) දින වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර රාජ්‍ය අංශ හා පාසල්   කටයුතු මෙන්ම ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවෙයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා ට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබුණි.

කෙසේ වෙතත් අද දින උතුරු පලාතේ වෙළඳසැල් වසා තැබුනද රජයේ පාසල්හි අධ්‍යපනික කටයුතු මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවූ අතරම ගමනාගමන කටයුතු වලදී උතුරු පලාත තුල පෞද්ගලික බස්රථ පමණක් ධාවනයෙන් ඉවත්ව තිබූ අතරම පිට පලාත් සඳහා පෞද්ගලික බස් සාමාන්‍ය පරිදි ධාවනය ළුූ අතරම ලංගම බස් සියල්ලක්ම සාමාන්‍ය පරිදි ධාවනය විය.

එමෙන්ම අධිකරණ කටයුතු වලදීද මහෙස්ත්‍රාත්වරුන් සේවයට වාර්ථාකොට තිබූ අතර නීතික්ඥවරුන් පමණක් සේවයෙන් ඉවත්ව තිබුණි.

කෙසේ වෙතත් අද දින සංවිධානය කර තිබූ හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගමයන් හා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පමණක් සෘජුව සහය දී තිබුණි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් . . .

Fri Oct 20 , 2023
මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇත. ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සිද්ධිය සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x