පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් . . .

මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇත.

ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත්, එහිදී ඩයනා ගමගේ සහ සුජිත් සංජය පෙරේරා අතර ද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ඉල්ලීම අනුව ඩයනා ගමගේට කතානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් මෙසේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයවැය නොවැම්බර් 13 . . .

Fri Oct 20 , 2023
ලබන වසර (2024) සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි. අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට දින 07ක් පැවැත්වෙන බවත් ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා සවස 06ට පැවැත්වීමට නියමිත බවත් එහි සඳහන් වේ. ලබන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x