ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අලෙවිය මේ වන විට 20% කින් පහළ ගොස් ඇති බව තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
විදෙස් සමාගම් වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කල පසු එක් සමාගමක් ඉන්ධන ලීටරයක මිල රුපියල් හතකින් අඩු කර අලෙවි කරන නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද සංගමය පෙන්වා දෙයි.
තෙල් සංස්ථාවට අවශ්‍ය නම් ඉන්ධන මිල රුපියල් හතකින් හෝ ආසන්න ගණනකින් පහළ දැමිය හැකි නමුත් පරණ ණය ගෙවීමට අවශ්‍ය නිසා කිසිදු මුදලක් අඩු නොකරන බවද අමාත්‍යංශය පවසා ඇතැයිද සංගමය කියයි.
එම තත්ත්වය නිසා රට පුරා පිහිටි තෙල් සංස්ථා පිරවුම් හල් වලින් ඉන්ධන අලෙවිය අඩු වී ඇති බවත් මේ ආකාරයට දිගටම ගියහොත් තෙල් සංස්ථාවේ පිරවුම්හල් සියල්ල වැසි යනු ඇති බවත් සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.