අධිවේගයේ වයර් කපා මාට්ටු . . .

පුනරුත්ථාපනය වී මීට දින හතරකට පෙර නිදහස් වූ පුද්ගලයකු කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගය දක්වා පාලම් යට ස්ථාපිත කර තිබෙන විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී  අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය කියයි.

එම සැකකරු සමඟ එලෙස කපන ලද කම්බි කිලෝ හැටක් පොලිස් භාරයට ගෙන ඇත.

කඩවත කෙලවරපිටිය අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 දශම 5 ප්‍රදේශයේ ගුවන් පාලම් යට සිට ඉඳිකරමින් පවතින කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුම ට යොදා තිබෙන විදුලි කණුවක් අසළ කුඩා කාමරය කඩා භූගතව තිබෙන තඹ සහ ඇලුමිනියම් කම්බි පුද්ගලයන් කීප දෙනකු පැමිණ කපන බවට අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 60ක ගජමුතු වලාන බාරයට . . .

Sun Oct 22 , 2023
රුපියල් කෝටි 60ක් වටිනා ගජමුතු හයක් විදේශිකයකුට විකිණීමට උත්සාහ දැරූ අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයෙ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ට ලැබුණු තොරතුරක් අනුවය. උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම කර තිබිණි. පානදුර වලාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x