වැදි නායක රැහේ කැටුව උතුරට . . .

ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීන් 100 දෙනෙකු පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත.

ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් විසින් උතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි.

ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර එම පිරිස් යාපනයේ පිහිටි ප්‍රසිද්ධ ආගමික ස්ථාන මෙන්ම වැඩසටහන් කිහිපයකටද ඉදිරි දිනයන්හි සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම යාපනයේ ජනතාවට මෙන්ම පාසල් දරුවන්ට ආදි වාසී යුගය පිළිබඳව දැනුමක් ලබාදීමටද මෙහිදී පියවර ගන්නා බවට ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නුවර රජ මගුලක් . . .

Mon Oct 23 , 2023
මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ . නගර සභාව විසින් ජනතාවගෙන් අයකරගන්නා වරිපනම් බදු, ජල බිල්පත් ගාස්තු, ඇතුළු සියලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x