නුවර රජ මගුලක් . . .

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

නගර සභාව විසින් ජනතාවගෙන් අයකරගන්නා වරිපනම් බදු, ජල බිල්පත් ගාස්තු, ඇතුළු සියලු අනෙකුත් අයකර ගැනීම් නගර සභාවේ සරප් අංශය මගින් අයකර ගන්නා අතර එම මුදල් දෛනිකව නගරසභා ගිණුමට බැර කළ යුතුව තිබුණත් එම මුදල් භාරව සිටින ඉහළ නිලධාරිනියක් එසේ එම මුදල් නගරසභා ගිණුමට බැර නොකර ඇයගේ පවුලේ විවාහ මංගල උත්සවයක ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

පසුගිය සතියේ දිනක නගර සභාවේ ගෙවීම් වලට සම්බන්ධ ලිපිගොනු පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 51 ක මුදලක හිගයක් පෙන්වීම හේතුවෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක ගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබුණි .

එම මුදල නැවත හොර රහසේම තැන්පත්කොට සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේ ම ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සැලසුමක් දියත් කොට තිබුණත් නාගරික කොමසාරිස් වරයාගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කොට පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ද සිද්ධිය දැනුම්දීමට පියවර ගෙන තිබේ .

මහනුවර මහ නගර සභාවේ වසර 05 කට ආසන්න කාලයක් සේවය කොට ඇති එම නිලධාරිනිය වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරු ලැබීමටද නියමිතව තිබූ බව පැවසේ .

  • ADA
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තාවන් සඳහා රාත්‍රී වැඩ මුරය නියම වෙයි . . .

Tue Oct 24 , 2023
කඩ සහ කාර්යාල සේවක (රැකියා නියාමනය සහ වේතන නියාමනය) පනතේ අංක සංශෝධන සඳහා 1954 දී කාන්තාවන්ට රාත්‍රියේ වැඩ කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.  තොරතුරු තාක්‍ෂණය, දැනුම ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන සහ වෙනත් රටවල පිහිටි ව්‍යාපාරික ආයතන සඳහා ගිණුම්කරණය, පරිපාලනමය සහ තාක්‍ෂණික කටයුතු සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x