ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයක කසිප්පු ස්කාගාරයක් . . .

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු අද (25) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙක් බවයි.

එම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

එම ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දගර , ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලලිත් කොතලාවලගේ දේපල සියල්ලට හොර ඔප්පු හදලා . . .

Wed Oct 25 , 2023
අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල ගේ මරණය සැක සහිත බවත්, එය ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී එම සංගමයේ කැඳවුම්කරු මාර්කෝ පෙරේරා පවසන්නේ, ලලිත් කොතලාවල ගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x