ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ට අපහාස වන වීඩියෝවක් නිර්මාණය කර සමාජ ජාලාවලට මුදාහැරි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමඟම ඔහු එම කාර්යය සඳහා භාවිතා කළ ජංගම දුරකතනය ද පොලිස් බාරයට ගෙන තිබේ.
ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සමාජජාලාවල වීඩියෝවක් පළ කර ඇති බවට මවුලවිවරුන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.