ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි . . .

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම් පිටපතක් පිලිබඳව විස්තර සත්‍යතාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරන අවස්ථාවේදී අය කරන ගාස්තුව රුපියල් 500 ක් දක්වා ඉහළ දමා තිබේ.

ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙක් ලෙස ලියාපදිංචිවීමේ ගාස්තුව රුපියල් 15000 දක්වා ඉහළ දමා ඇති අතර එම සහතිකය වාර්ෂිකව නැවත ලියාපදිංචිය යාවත්කාලීන කිරීමේ ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇත.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි . . .

Thu Oct 26 , 2023
මෙරට 16 වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x