සීනිගම දේවාලයේ කපුවන් විසින් අද දිනයේ එම දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ඔවුන් සඳහන් කරන්නේ බැතිමතුන් විසින් ලබාදෙන තුටුපඬුරු ඇතුළු තමන්ට හිමි දෑයි දීමනා ලබා දිය යුතු බවයි.
විරෝධයේ යෙදුණු එක කපුවෙක් දේවාලයෙන් මකර තොරණ උඩ නැග සිය විරෝධය පළ කළේය.
දේවාලයට ලැබෙන පඬුරු මුදල් පවා කාර්යාලය විසින් එකතු කරමින් සිටින බවත් මාස දෙකක කාලයක් තිස්සේ තමන්ට හිමි දීමනා ලබාදී නැති බවත් දේවාලයේ කපුවන් කියා සිටිති.
තම ඉල්ලීමට විසඳුමක් ලැබෙන තෙක් විරුද්ධතාවයේ යෙදෙන බවත් එතෙක් දේවාලයේ වතාවත් වලින් බැහැරව සිටින බවද ඔවුන් කියා සිටිති.
- lanka C news