වරාය නගරයටත් ක්‍රිප්ටොකරන්සි මධ්‍යස්ථාන දෙකක් . . .

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව  වරාය නගර කොමිසම  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය.

මේ අනුව ඒ සම්බන්ධයෙන්  මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කළේය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය  හිමිවිය.

කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන්නැයිද නිර්දේශ කෙරිණ.

කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව පවතින  ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු විය.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ  සිදුවී නැති බවයි. මේ නිසා මේ සම්බන්ධයෙන් සති 4 ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාවට දැනුම්දෙන ලෙසටද  නිර්දේශ කළේය.

මෙම භූමියේ එම සමාගම්  කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් බව  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පසුගිය 24 වැනිදා රැස්විය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

CID නිලධාරීන්ගේ දුරකතනවලට තහංචියක් . . .

Thu Oct 26 , 2023
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x