දකුණු කොරියානු යුද නැවක් කොළඹට . . .

දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්‍රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණි.

එම අවස්ථාවට කොරියානු ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීය.

‍දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්‍රමෝපාය යටතේ දකුණු ආසියාතික පාර්ශ්වකරුවන් සමග ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් එය ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

මෙම නෞකාව සාමුහික ආරක්ෂාව, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ කොරියානු හා අනෙකුත් නෞකාවල ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් කොරියානු නාවික හමුදාවේ මුහුදු කොල්ල වැළැක්වීමේ ඒකකයට අයත් නෞකාවකි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා රේගුවෙන් අලුත් පිම්මක් . . .

Thu Oct 26 , 2023
2023 වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීවලි අරුක්ගොඩ මෙලෙස පැවසීය, “2017 සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x