වෛද්‍යවරුන් ප්‍රභූ ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත් වෙති . . .

ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් නොවැම්බර් 01 දින සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එසේ තීරණය කර තිබෙන්නේ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (25) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

එසේම රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බල කරමින් සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බවද එම වෛද්‍යවරු සඳහන් කරති.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි . . .

Thu Oct 26 , 2023
ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම් පිටපතක් පිලිබඳව විස්තර සත්‍යතාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x