CID නිලධාරීන්ගේ දුරකතනවලට තහංචියක් . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ නිලධාරිනියන් බවත් ඔවුන්ට මෙම නීතිය බලපැවැත්වෙන්නේ නැති බවත් එම නිලධාරීන් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අංශ 40 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන සෑම නිලධාරියකු ම සේවයට පැමිණි වහාම ස්ථානාධිපතිවරයා  ඔවුන්ගේ ජංගම දුරකථන සිය භාරයට ගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දකුණු කොරියානු යුද නැවක් කොළඹට . . .

Thu Oct 26 , 2023
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්‍රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණි. එම අවස්ථාවට කොරියානු ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය. දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීය. ‍දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්‍රමෝපාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x