පසුගියදා ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් මත් කුඩු ජාවාරමේ නිරත අංජු නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර තිබේ.
ඒ මෙරට ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදීය.
ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.