ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු අත්අඩංගුවට . . .

මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක රූමත් ගායිකාවකට ලිංගික අතවර කරන ලදැයි එම සංගීත කණ්ඩායේම සාමාජිකයකු වන ගිටාර් වාදකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පදිංචි ගිටාර් වාදකයකි.

එම සංගීත කණ්ඩායමටම අයත් සමාජිකාවක වන 28 හැවිරිදි ගායිකාව තම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සංගීත සංදර්ශන සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශවලට යාමට අවශ්‍ය ප්‍රවාහනය පහසුකම් සඳහා තම කණ්ඩායමට ලබා දී ඇති බස්රථය තුළදී සැකකරු කායිකව සහ වාචිකව තමන්ට ලිංගික අතවර කරන ලදැයි සඳහන් කර ඇති බව ජාඇළ පොලිසිය පවසයි.

ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියගේ උපදෙස් මත ජාඇළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.රේණුකා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  • ටී.කේ. බර්නාඩ් -ජාඇළ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නොමිලේ HIV පරීක්ෂාවක් . . .

Fri Oct 27 , 2023
ලබන දෙසැම්බර් මස 1 වනදාට ලෝක ඒඩ්ස් දින සැමරුම යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. සායන 25කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කල හැකි බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා. ඇය වැඩිදුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x