ගුරු වෘත්තීය සමිති අද (ඔක්. 27) දිවයින පුරා පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් පවසයි.
mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
පාසල් නිම වීමෙන් පසු සවස 1:30ට පාසල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත ය.
ඔක්තෝබර් 24 වන දා පැවති ගුරු උද්ඝෝෂණ ව්‍යාපාරයට එරෙහිව රජය ගත් මර්දනකාරී ක්‍රියා පිළිවෙතට විරෝධය දැක්වීමට සහ උද්ඝෝෂණ සිදු කිරීම ජනතාවගේ අයිතියක් බැවින් උද්ඝෝෂණ ව්‍යාපාර මර්දනය කිරීමට භාවිත කරන නීතියට විරෝධය පළ කිරීම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයෙහි අරමුණු බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.
ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ, නොවැම්බර් 13 අයවැයෙන් ගුරුවරුන්ගේ පවතින ගැටලවලට ජය විසඳුම් ලබා නොදෙන්නේ නම් අනෙකුත් පොදු ක්ෂේත්‍ර සමග එක්ව ක්‍රියාමාර්ග ගන්නා බව ය.